වංචනිකව අස්වැසුම ගත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම අහිමිවේ

web

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අනුව, අස්වැසුම් ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මඟින් දීමනා ගෙවීම් දුප්පත් සහ අන්ත දිළිඳු පවුල් සඳහා පමණක් සිදු කෙරේ. 2023 සිට මෙම ක්‍රමය ආරම්භ වී ඇති අතර, දෙවන අදියර මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු දැනට සිදු වෙමින් පවතී. 2023දී කාණ්ඩ 4කට යටත් ලක්ෂ 16කට ආසන්න පිරිසකට දීමනා දී ඇති අතර, 2025 අප්‍රේල් මාසේ සංක්‍රාන්තික (සිවුවැනි) කාණ්ඩයේ 315,000 ක් වන ප්‍රතිලාභීන්ගේ ගෙවීම් නතර කර ඇත. 2026 ජුනි මාසයේ සිට තෙවන කාණ්ඩය වූ “අවදානම්” කාණ්ඩයේ 425,000 ක් වන ප්‍රතිලාභීන්ගේ ගෙවීම් නතර කර ඇති බව වාර්තාවේ. මෙම කාණ්ඩ දෙකේ සිටින පවුල් අතර දුප්පත් හෝ අන්ත දිළිඳු තත්වයට පත්ව සිටින පවුල් තිබේ නම්, ඔවුන්ට නැවත අස්වැසුම් ප්‍රතිලාභ ලබාගැනීමට හැකියාව ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සහකාර කොමසාරිස් අශාන් දර්ශක මහතා සදහන් කළේය. හිමිකම් නැතුව අස්වැසුම් ගත් පවුල් ලක්ෂ 4 පමණ ඉවත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *