ටොන් 5ක බර පැටවීමේ ධාරිතාවක් සහිත ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ඩ්‍රෝන යානය චීනය විසින් එළිදක්වන ලදී…..

drone web

චීන එයාර් වයිට් වේල් සමාගම මෑතකදී එහි මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන W5000 එළිදක්වා ඇති අතර එය භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට එක්වීමෙන් පසු ටොන් පහක භාණ්ඩ ප්‍රවාහන ධාරිතාවක් සහිත ලොව විශාලතම ඩ්‍රෝන යානය ලෙස සැලකිය හැක.

ගුවන් භාණ්ඩ ප්‍රවාහනය
ක්ෂෙත්‍රයේ ප්‍රබල පරිවර්තනයක් සමඟින් දියත් කරන ලද මෙම දැවැන්ත ඩ්‍රෝනය කාර්යක්ෂමතාව, දැරිය හැකි මිලක් සහිත ආකර්ෂණීය තාක්ෂණික පිරිවිතර රැසක එකතුවක් ද වේ.

එයාර් වයිට් වේල් විසින් ජියැන්ග්සු පළාතේ පිහිටි Changzhou facility හි පැවති උත්සවයකදී W5000 මහජනතාවට ප්‍රදර්ශනය කළ අතර මීටර් 22.7 ක පියාපත්, දිග මීටර් 22.9 සහ මීටර් 7.5 ක උසකින් යුත් W5000 ලොව පුරා භාණ්ඩ ප්‍රවාහනයේ ප්‍රමුඛ යානයක් බවට පත්වීමට අපේක්ෂා කරයි .

ගුවන් භාණ්ඩ ප්‍රවාහනයේ නව යුගයක් සනිටුහන් කරමින් 2026 වන විට සිය පළමු මාදිලිය පරිශීලකයින්ට ලබා දීම ආරම්භ කිරීමට සමාගම බලාපොරොත්තුවෙන් සීටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *