ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – ගම්පහ පොලිස් ස්ථානය….

2024.11.03 වන දින උදෑසන කාලයේ ගම්පහ පොලිස් වසමේ මිනුවන්ගොඩ මාර්ගයේදී ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 25 ක් සහ කොරියන් ව්‍යාජ මුදල් නෝට්ටු 90 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වන නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *