තායිලන්තයේ ගුවන් තොටුපළ හයකට මගීන් ඇතුළු කිරීමට පහසුකම් සලසන නව මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය ඊයේ (03) දිනයේ ක්‍රියාත්මක විය.
මෙම උසස් ජෛව පටිගත කිරීමේ තාක්ෂණය නොවැම්බර් 1 වන දින සිට, දේශීය මගීන්ටද දෙසැම්බර් 1 වන දින සිට ජාත්‍යන්තර සංචාරකයින්ටද භාවිතා කිරීමට අවස්ථාව ලැබෙන බව තායිලන්ත ගුවන් තොටුපළ අධිකාරියේ අධ්‍යක්ෂවරයා සදහන් කරයි.
මෙම තාක්ෂණය භාවිතා කිරීමට, මගීන් ගුවන් තොටුපළ කවුන්ටරය වෙත හෝ ස්වයං සේවා කියෝස්ක් (self-service kiosk) වෙත ඇතුළු වී, ඔවුන්ගේ පුද්ගලික දත්ත ඇතුලත් කිරීමට එකඟ විය යුතුය. මෙම ක්‍රමය මඟින්, මගීන්ගේ පුද්ගලික තොරතුරු සහ ගමන් තොරතුරු මෙම පද්ධතිය තුල ගබඩා කරනු ලබයි.
නැවත නැවත හැඳුනුම්පත් හෝ ප්‍රවේශපත් පෙන්වීමේ අවශ්‍යතාව නොමැතිව, මගීන්ට ගමන් මලු ලබා ගැනීමේ ස්ථානයේ සිට බෝඩිං ගේට්ටුව දක්වා පහසුවෙන් යා හැකිය.
මෙම පද්ධතිය දැනට ක්‍රියාත්මක කරන තායිලන්ත ගුවන් තොටුපළ හය ලෙස
• Suvarnabhumi ජාත්‍යන්තර ගුවන් තොටුපළ
• Don Mueang ජාත්‍යන්තර ගුවන් තොටුපළ
• Chiang Mai ජාත්‍යන්තර ගුවන් තොටුපළ
• Mae Fah Luang-Chiang Rai ජාත්‍යන්තර ගුවන් තොටුපළ
• Phuket ජාත්‍යන්තර ගුවන් තොටුපළ
• Hat Yai ජාත්‍යන්තර ගුවන් තොටුපළ දැක්විය හැකිය.
මෙම වැඩිදියුණු කිරීම සංචාරක අත්දැකීම වැඩිදියුණු කර ලබන වසරේ මෙම ගුවන් තොටුපළ වෙත තවත් මගීන් ගෙන එනු ඇතැයි බලධාරීහු අපේක්ෂා කරන බවද සදහන් වේ.


