නොවැම්බර් මාසයේදී ජාත්‍යන්තර වෙළඳපොළෙහි LP ගෑස් මිල වැඩිවන පරිසරයකදී වුවද, පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ලිට්රෝ ගෑස් ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම දන්වා සිටී.
මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරන කටයුතු සාර්ථකව සිදුකළ බැවින් පාරිභෝගික ජනතාවට සහන සැලසීමට හැකි වූ බව ද ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් තවදුරටත් දන්වා සිටි.
ඒ අනුව 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිල ගණන් වලංගු වේ. ලිට්රෝ ගෑස් ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාල) 12.5Kg මිල රු.3690.00 , 5Kg මිල රු.1482.00 සහ 2.3Kg මිල රු.694.00 ලෙසද සදහන් වේ.


