අමෙරිකාවේ 47 වන ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වෙයි…..

trump web 1

අමෙරිකාවේ 47 වන ජනාධිපති තෝරා ගැනීමේ සටනින් රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ පුරෝකථනවලට අනුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන 267ක් දිනා තිබේ. ඔහුගේ ප්‍රතිවාදියා වූ උප ජනාධිපතිනී කමලා හැරිස් හට දිනා ගැනීමට හැකිව ඇත්තේ ආසන 224ක් පමණි.
ජනාධිපතිවරණ සටනේ ඉතාමත් තීරණාත්මක ප්‍රාන්ත අතරින් ජෝර්ජියා, උතුරු කැරොලිනා සහ පෙනිසල්වේනියා ප්‍රාන්තවල ජය තහවුරු කිරීමට හිටපු ජනාධිපති ට්‍රම්ප්ට හැකි විය.

එමෙන්ම සෙනට් සභාවේ බලයත් නැවතත් තමන් සතුකර ගැනීමට රිපබ්ලිකන් පක්ෂය සමත්ව ඇති බවටද වාර්තා වේ.

ෆ්ලොරිඩාහි, රිපබ්ලිකන් පක්ෂ ප්‍රධාන මූලස්ථානයේ සිට සිය ආධාරකරුවන් අමතමින් හිටපු ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ අමෙරිකානු ජනතාව පෙර නොවූ ආකාරයේ ජන වරමක් තමන් වෙත ලබා දී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *