වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහේස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කර තිබෙනවා.
ඒ අනුව නීතිපතිගේ උපදෙස් අනුව එම නඩුව නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
2019 වසරේ මැයි 25 වෙනිදා කුරුණෑගල එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කාන්තාවන්ට වඳ සැත්කම් කළැයි ඔහුට එරෙහිව තිබූ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.


