අම්පිටිය, ගාල්තැන්න දේවාල පරිශ්‍රයේ වාහන අංගනයේ තිබියදී ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් පොලීසිය විසින් (05) දින සොයාගෙන ඇත. මෙම වාහනය හමුවූ ස්ථානයේ මොන්ටේරෝ, ප්‍රාඩෝ, ඩිෆෙන්ඩර් ඇතුළු වාහන 12ක් තිබූ බවට පොලිසිය පවසයි.
සොයාගත් ජීප් රථයේ අංක තහඩුව මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබූ අතර එහිදී හෙළිවූවේ, එම අංකය කුලියාපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට අයත් නිත්‍යානුකූලව ලියාපදිංචි කළ මොන්ටේරෝ රථයකට අදාළ බවයි.
මෙම වාහනය සොයා ගැනීමට පෙර, දිගන අයි.සී.සී නිවාස සංකීර්ණයේ වාහන ගරාජයක ගාල් කර තිබූ සුපිරි රථයක් තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවද වාර්තා වේ.
පොලීසිය විසින් එම දේවාල පරිශ්‍රයේ තිබූ වාහනවල අංක හා ලියාපදිංචි තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් ඇති බවද තවදුරටත් වාර්තාවේ.


