ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන් ඊයේ දින (2024 නොවැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. එහිදී, නාවික හමුදාධිපති හමුවීමෙන් අනතුරුව, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (Maritime Rescue Coordinating Centre, Colombo – MRCC) සහ තොරතුරු විලායන මධ්‍යස්ථානයේ (Information Fusion Centre – IFC) කටයුතු නිරීක්‍ෂණය කළ ආරක්‍ෂක ලේකම්වරයා, නිලධාරීන් සහ නාවිකයන් වෙනුවෙන් දේශනයක් පැවැත්වීමද නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ආරක්‍ෂක ලේකම්වරයා ලෙස පත්වීමෙන් පසුව ඔහු නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවූ ප්‍රථම අවස්ථාව ලෙස මෙම සංචාරය සනිටුහන් වූ අතර, මෙම සංචාරයේදී නාවික හමුදාධිපති සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර පැවති සුහද පිළිසඳරකින් පසු, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
නාවික හමුදාවේ සංවිධාන ව්‍යුහය සහ ඉදිරි සැළසුම් පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා වෙත ඉදිරිපත් කිරීමක් මඟින් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව, ආරක්‍ෂක ලේකම්වරයා නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහ තොරතුරු විලායන මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිත්වය නිරීක්‍ෂණය කෙරිණි.
එමෙන්ම, ආරක්‍ෂක ලේකම්වරයා මෙම සංචාරයේදී නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී නාවික හමුදාවේ නිලධාරීන් සහ නාවිකයන් ඇමතීමද සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගෙඩ ඇතුලු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය, බටහිර නාවික විධානයේ ආඥපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, ධජ නිලධාරීන් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.


