2025 වසරේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලානයෙන් පසුව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී ජාත්‍යන්තර එක්දින තරග පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර ඇත.
ඓතිහාසික එක්දින තරගාවලි ජයක් බංග්ලාදේශයට එරෙහිව වාර්තා කිරීමෙන් පසුව ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් යොමු කරමින් නබී මේ බව දැනුම්දී ඇති බවයි වාර්තා වෙයි.
39 හැවිරිදි වියෙහි පසුවන නබී යනු ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම එක්දින තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා වන අතර නබී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් මංගල එක්දින ක්‍රිකට් වරම් 2009 දී ස්කොට්ලන්තයට එරෙහිව දිනා ගන්නා අතර එක්දින තරග 167කට ක්‍රීඩා කරමින් ලකුණු 3600ක් ලබා ගෙන ඇති බවද වාර්තා වෙයි.
නබී සිය ඉල්ලා අස්වීම ගැන සඳහන් කරමින් පවසා ඇත්තේ පන්දුවාර 20 ක්‍රිකට් තරග ක්‍රීඩා කරන බව වන අතර ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව වත්මන් අංක 01 තුන් ඉරියව් එක්දින ක්‍රීඩකයා ද වේ.


