වෙළෙඳපොළේ රතු කැකුළු සහල් හිඟයක් – මිල ඉහළට….

rice web

පාරිභෝගිකයින් පවසන්නේ වෙළෙඳපොළේ මේ දිනවල රතු කැකුළු සහල් හිඟයක් පවතින බවයි. බොහෝ සුපිරි වෙළෙඳසල් සහ සිල්ලර වෙළෙඳසැල්වල රතු කැකුළු සහල් හිඟයක් පවතින අතර, ඇතැම් ස්ථානවල පාලන මිල වන රුපියල් 210.00 කට වඩා ඉහළ මිලක් යටතේ, කිලෝවක් රුපියල් 240.00-250.00 අතර ගණනකින් සහල් අලෙවි කරමින් සිටින බව පාරිභෝගිකයින් පවසයි.

මෙම තත්ත්වය පිළිබඳව සිල්ලර වෙළෙඳුන් පවසන්නේ, සහල් හිඟයක් මත තමන්ට ඉහළ මිලකට සහල් මිලදී ගැනීමට සිදුවන බවත් ඒ හේතුවෙන් වැඩි මිලකට සහල් අලෙවි කිරීමටද සිදුවන බවයි.

අනෙකුත් වශයෙන් වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කරන්නේ, පාලන මිලට වඩා ඉහළ මිලකට සහල් අලෙවි කරන වෙළෙඳුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවයි. පාලන මිල වන රුපියල් 210.00 (රතු කැකුළු) සහ රුපියල් 220.00 (නාඩු) මිල ඉක්මවීමේදී එම ස්ථාන පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කිරීමටද අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

රතු සහල් හිඟය සම්බන්ධයෙන් මරඳගහමුල සහල් නිෂ්පාදක සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා පවසන්නේ, පසුගිය රජය සමයේ අඩු ආදායම්ලාභී ජනතාවට රතු සහල් බෙදාදීම සඳහා විශාල වශයෙන් සහල් තොග ලබා ගැනීම මේ වන විට ඇතිවී ඇති හිඟයට බලපා ඇති බවයි.

එසේම, මීළඟ මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු මෙම සහල් හිඟය පවතිනු ඇති බවටද බී.කේ. රංජිත් මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *