නොවැම්බර් මස අවස්ථා දෙකකදී තමිල්නාඩු ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්ගේ මහතා දැනුවත් කර ඇත.
ඒ අනුව ලිපියක් යොමු කරමින් මහ ඇමතිවරයා පෙන්වා දී ඇත්තේ මේ පිලිබදව කඩිනම් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.
මේ හේතුවෙන් තම ධීවරයින්ගේ ජීවනෝපාය කඩාකප්පල් වී ඔවුන්ගේ පවුල්වලට දැඩි දුෂ්කරතා ඇති වී ඇති බවත් ඔහු පෙන්වා දී ඇත.
නොවැම්බර් 9 වන දින ධීවරයින් 23 දෙනෙකු හා නොවැම්බර් 12 වන දින ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පවසන ඔහු 2024 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රඳවාගෙන සිටින තමිල්නාඩු ධීවරයින් සංඛ්‍යාව වසර හතකට පසු ඉහළම අගය ගන්නා බවත් ප්‍රකාශ කරයි.


