ආරුගම්බේ සංචාරක සීමාවන් ඉවතට….

bay web

පසුගිය ඔක්තෝබර් 23 වනදා අමෙරිකානු තානාපති කාර්යාලය මගින් තම පුරවැසියන් සදහා සංචාරක සීමාවන් පනවනු ලැබුවේ එම ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ලවෙතැයි ලැබුණු බුද්ධි වාර්තා පදනම් කරගනිමිනි. නමුත් එම සීමාවන් දැන් ඉවත්කර ඇති බැවින් ශ්‍රී ලංකාව සඳහා වූ සිය සංචාරක උපදේශනයන් යාවත්කාලීන කරන බවද ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය තානාපති කාර්යාල නිලධාරීන් ට සහ අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය ඔක්තෝබර් 23 වනදා අනතුරු අඟවවමින් එම තානාපති කාර්යාලය පැවසුවේ ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන වලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඔවුන්ට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *