නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් හය දෙනෙකු අද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා භාරයට ගත් බහු දින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60ක පමණ තොගයක් ඇති බවට සැකකරන අතර එම බහු දින යාත්‍රාව සහ සැකකරුවන් වැඩිදුර පරීක්ෂාව සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා නාවික හමුදාව විසින් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටියි.


