දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අවදානම තවදුරටත්…..

WhatsApp Image 2024 11 16 at 22.49.12 1

දිස්ත්‍රික්ක 5ක් වෙත පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට පස්වරු 4 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගම්පහ කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ මාතර යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශ වෙතයි එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ.

මේ අතර ඉදිරි පැය 36 දී බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ ඌව සහ වයඹ පළාත් වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *