දියවන්නා සිහිනය බොඳවී ගෙදර ගිය ප්‍රබලයෝ….

WhatsApp Image 2024 11 16 at 11.48.21 1

ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගැනීමත් සමග වසර ගණනාවක් තිස්සේ ප්‍රභල දේශපාලන පක්ෂවලින් පාර්ලිමේන්තු නියෝජනය කළ මැති ඇමතිවරුන් රැසකට මෙවර සිය මන්ත්‍රි ධූර අහිමි වී තිබෙනවා.

ඒ අනුව, හිටපු මැති ඇමතිවරුන් 50කට පමණ සහ අලුතින් ඉදිරිපත් වූ ප්‍රසිද්ධ චරිත කිහිපයකට මෙවර පාර්ලිමේන්තු වරම් හිමි වී නැහැ.
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්ට මෙන්ම , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, එරාන් වික්‍රමරත්න, මනෝ ගනේෂන්, ප්‍රේමනාත් සී දොලවත්ත, මදුර විතානගේට මෙවර මහමැතිවරණයෙන් සිය මන්ත්‍රී ආසනය අහිමි වුණා.

ගම්පහ දිස්ත්‍රිකය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ නිමල් ලාන්සා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, ලසන්ත අලගියවන්න, චන්න ජයසුමන යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ එහි නායක රංජන් රාමනායකට ද මෙවර පාර්ලිමේන්තුවේ ආසනයක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ නැහැ.
කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කළ රාජිත සේනාරත්න, විදුර වික්‍රමනායක, සංජීව එදිරිමාන්න, පියල් නිශාන්ත, රොෂාන් රණසිංහ යන මන්ත්‍රීවරුන්ටද මෙවර සිය ආසනය අහිමි වී තිබෙනවා. එමෙන්ම, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ හිටපු ක්‍රිකට් ක්‍රිඩක තිලකරත්න දිල්ෂාන්ටද පාර්ලිමේන්තු වරම් හිමිවූයේ නැහැ.

මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කළ මහිදානන්ද අලු‍ත්ගමගේ, තිස්ස අත්තනායක, දිලු‍ම් අමුණුගම, වසන්ත යාපා බණ්ඩාර, එම් වේලු‍කුමාර්, මහාචාර්ය රංජිත් බණ්ඩාර යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද මෙවර මන්ත්‍රි ධූරයක් හිමි නොවීම විශේෂත්වයක්.
මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර, රමේෂ් පතිරණ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, බන්දුලලාල් බණ්ඩාරිගොඩ සහ හිටපු රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශණද සිල්වාට ද මෙවර මහමැතිවරණයෙන් සිය පාර්ලිමේන්තු ආසන අහිමි වී තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ හිටපු අමාත්‍ය කංචන විජේසේකරට මෙන්ම නිපුණ රණවක, විරසුමන වීරසිංහ, බුද්ධික පතිරණ යන හිටපු මන්ත්‍රීවරුන්ටද මෙවර පාර්ලිමේන්තුවේ ආසනයක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ නැහැ.
හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරණයට තරග කළ හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ , හිටපු අමාත්‍ය මහින්ද අමරවීරටද මෙවර මන්ත්‍රීධුර අහිමි වී තිබෙනවා.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, ශාන්ත බණ්ඩාර, අසංක නවරත්න, අශොක් අබේසිංහ, ජයරත්න හේරත්, චරිත හේරත්, තුෂාර ඉඳුනිල් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද මෙවර පාර්ලිමේන්තුවේ ආසනයක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජය කරමින් තරග කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ තාරක බාලසූරියට මෙන්ම දුෂ්මන්ත මිත්‍රපාල හිටපු මන්ත්‍රීවරයාටද මෙවර පාර්ලිමේන්තුවේ සිය ස්ථානය අහිමි වී තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකරට ද සිය මන්ත්‍රීධුර අහිමි වුණා.

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජය කරමින් තරග කළ දුමින්ද දිසානායක, එස්.එම් චන්ද්‍රසේන, ඉෂාක් රහුමාන්, කේ.පී.එස්.කුමාරසිරි යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද මෙවර පාර්ලිමේන්තුවේ සිය ස්ථානය හිමිවී නැහැ.

මේ අතර හරීන් ප්‍රනාන්දු, නිමල් සිරිපාලද සිල්වා සහ තේනුක විදානගමගේ යන හිටපු මැති ඇමතිවරුන්ට ද බදුල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි වුණා.

මීට අමතරව ශෂින්ද්‍ර රාජපක්ෂ, ඩබ්ලිව්.ඩී. වීරසිංහ. එම්, සුමන්තිරන්, අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන්ට ද මෙවර පාර්ලිමේන්තුවේ අසුනක් හිමි වී නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *