අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට නියමිතව ඇත.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
පසුගිය කාලසීමාව තුළ මතුවූ ගැටලු මුල් කරගනිමින් විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතුද ශක්තිමත් කර අති බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ විභාගය, ලබන 25 දා සිට දෙසැම්බර් 20 දා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.


