හිටපු ජනාධිපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට…

jana web

අද (දෙසැ. 23) සිට, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉවත් කර, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පමණක් යොදවීම කටයුතු ක්‍රියාත්මක කර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා අනාගතයේදී පොලිස් නිලධාරීන් පමණක් යොදවීමට කටයුතු කරන අතර එසේම පසුගිය දිනවලදී පොලිස් නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමේ කටයුතු ක්‍රියාත්මක වූ අතර, මේ වන විට ප්‍රමාණවත් පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාවක් ආරක්ෂාවට යොදවා ඇති බවයි.

ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කළද, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව කිසිදු ආකාරයකින් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතබන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *