ඇමරිකාවේ ස්ථිර පදිංචියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්.…..……

amarica

ඩොලර් මිලියන 5කට ඇමෙරිකානු පුරවැසිභාවය…
ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5ක මුදලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසා ඇත.මෙම ක්‍රමවේදය ගෝල්ඩ් කාඩ් ලෙස නම් කර ඇති අතර ‘Gold Card’ ක්‍රමවේදය මේ වනවිට ස්ථිර පදිංචිය ලබාදීම සඳහා භාවිතා කෙරෙන Green Card හා සමාන ප්‍රතිලාභ හිමිවන බව සඳහන් වෙයි. ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශිකයින්ට හා රැකියා උත්පාදනය කරමින් ඇමෙරිකානු ආර්ථිකය තුළ විශාල මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශිකයින් වෙනුවෙන් මෙම Gold Card ක්‍රමවේදය හඳුන්වා දී ඇති බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *