දකුණු කොරියාවේ E-8 වීසා රැකියා සඳහා ශ්‍රී ලංකාවට කැබිනට් අනුමැතිය.…..…….

koriya web

දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බවයි එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ සඳහන් කර ඇත.

වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර ලබා නොදෙන බැවින් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින ලෙසද තවදුරටත් සඳහන් කර ඇත.

සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ,

“දකුණු කොරියාවේ රැකියාවලට අලුතින්ම එකතුවුණු වීසා කාණ්ඩය තමයි E-8 වීසා කාණ්ඩය. හැබැයි අපි හැමෝටම ඒ වීසා කාණ්ඩය විවෘත කරන්නේ නෑ. නිසි කෘෂිකාර්මික දැනුමක් තියෙන සුදුසුකම්ලත් පුද්ගලයින් විතරයි අපි රැකියාවට යොමුකරන්නේ. ඒකෙදි E-8 වීසා කාණ්ඩයට අයත් රැකියා සඳහා තරුණයින් තෝරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණයි. ඒකෙදි බාහිර පුද්ගලයින්ට හෝ වෙනත් විදේශ රැකියා ආයතනවලට මුදල් අයකරන්න කිසිම අවසරයක් ලබාදෙන්නේ නෑ. එම රැකියා සඳහා පුද්ගලයින් යොමුකරන්නෙත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පමණයි. ඒ නිසා අතරමැදියන්ට කිසිසේත්ම අහුවෙන්න එපා. කිසිම පුද්ගලයෙකුට මුදල් ලබාදෙන්න එපා.

අපි බලාපොරොත්තු වෙනවා වෙනත් කොරියානු රැකියා වගේ අවම මුදලකින් රැකියාවට යොමුවෙන්න අවස්ථාව ලබාදෙන්න. පුද්ගලික කණ්ඩායම්වලට අවස්ථාව ලබාදුන්නොත් ඔවුන් විශාල වශයෙන් මුදල් අයකරනවා. පසුගිය කාලසීමාවේදී වුනු අකටයුතුකම් හා මුදල් එකතු කිරීම් නිසා අපිට මේක නතර කරන්න සිද්ධ වුණා. නමුත් නිසි ක්‍රමවේදය අනුගමනය කරමින් අපි එම රැකියා යලි සක්‍රිය කරන්න කටයුතු කරනවා. ඉතා ඉක්මනින් කෙටි කාලයක් තුළ ලංකාවේ තරුණයින්ට මෙම රැකියා අවස්ථා ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගිහින් මුදල් හම්බ කරන්නෙත් අපේ රටේ දරුවන්. තමන්ගේ පවුලේ ඥාතීන් එක්ක හොඳින් ජීවිතය ගතකරන්න තමයි ඔවුන් යන්නේ. ඒ නිසා ඒ ක්ෂේත්‍රය රැකගන්නත් අපිට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *