අවසන් මහා තරගයට ඉන්දියාව ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයි…………

එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වරටත් ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබේ.

ඒ අනුව මෙවර ඩුබායි හිදී පැවැති තරගාවලිය යටතේ පළමු අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා කඩුලු 4ක ජයක් වාර්තා කරමින් ඔවුන් මෙලෙස අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව ඇති බව සඳහන් වේ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 264 ක් ලබා ගත් බව වාර්තා වේ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 48.1 ක් අවසානයේ කඩුලු හයක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *