ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් මහතා රෝහල ගත කර තිබෙන බව විදෙස් මාඨ්‍ය වාර්තා කර ඇත.
පපුවෙ වේදනාවක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර ඇති බව ප්‍රකාශ කෙරේ.
ඉන්දියාවේ පිහිටි චෙන්නායි ඇපලෝ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර ඇති බවද සදහන් කර ඇත.
ඒ.ආර්.රහ්මාන් මහතා මේ වනවිට වෛද්‍ය කණ්ඩායමක දැඩි අධීක්ෂණය යටතේ පසුවන බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.


