අත්අඩංගුවට ගැනීමට එරෙහිව දේශබන්දු මහතා ගොනුකළ පෙත්සමේ තීන්දුව අද …….……

අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන අතුරු තහනමක් ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකළ රීට් පෙත්සම පිළිබඳ තීන්දුව අද ලබාදීමට නියමිතව ඇත.

ඒ අනුව පෙත්සම් විභාගය පසුගිය 12 වනදා අවසන් වූ අතර අද දින ඒ පිළිබදව තීන්දුව ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දෙයි.

තමාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කරන ලෙසට ඔහු සිය පෙත්සම මඟින් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *