යුක්‍රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවත්වීමට නියමිතයි …….……

WhatsApp Image 2025 03 18 at 12.27.52

යුක්‍රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා අතර සාකච්ඡාවක් මාර්තු 18 වන අද දින පැවැත්වීමට නියමිතව ඇත.

එහිදී අදාළ සාම ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් යුක්‍රේන සාම ගිවිසුමට අදාළ බොහෝ කරුණු පිළිබඳව මේ වන විටත් රුසියානු ජනාධිපතිවරයා සමඟ එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම අද දිනයේ ව්ලැද්මීර් පුටින් මහතා සමඟ දුරකථනය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා රුසියානු – යුක්‍රේන සාම ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශයට පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *