ඉන්දීය ව්‍යාපාරික යුවළක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අංගුවට …….……

නීතිවිරෝධී ලෙස මෙරටට කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 400ක් සමග ඉන්දියානු ජාතික යුවළක් ජාත්‍යන්තර කටුනායක ගුවන්තොටුපොළේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් 32 හැවිරිදි සහ 29 හැවිරිදි ඉන්දියානු ජාතික යුවළක් වන අතර ඔවුන් පළමු වරට මෙරටට පැමිණ ඇති බවත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න වන බවත් ශ්‍රී ලංකා රේගුව සඳහන් කර ඇත.

අත්අඩංගුවට ගත් යුවළ වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබෙන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *