වගුරුබිමක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි …….……

waguru web

බටපොළ, ගල් හිරේ, බොරළු ඇළ ආසන්න වගුරුබිමක තිබී සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.

ඒ 24 හැවිරිදි කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක් බව ඔහුගේ මව විසින් හඳුනාගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත.

එම තරුණයා පසුගිය 16 වැනිදා බටපොළ ප්‍රදේශයේ විවාහ මංගල්‍යයක් සඳහා සහභාගී වීමට නිවසින් පිටත්ව ගොස් ඇති අතර යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් මව විසින් පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබූ බවද සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *