මියන්මාරයේ සතියක ශෝක කාලයක්…….……

miyanmaraya web 2

මියන්මාරයේ ඇතිවූ ප්‍රබල භූකම්පනයෙන් පසුව එරට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

පසුගිය 28 වනදා ඇති වූ මෙම ප්‍රබල භූ කම්පනයෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව දෙදහසකට අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම, තවත් තුන් දහසකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බවද වාර්තා වේ.

භූ කම්පනය හේතුවෙන් එරට රෝහල්වලට හානි සිදු වී ඇති බැවින් ප්‍රතිකාර කටයුතුවලට බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය
වැඩිදුර වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *