මිල්කෝ සමාගම විසින් හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහත දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව යෝගට් එකක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 70 ක් වේ.
මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 200 ක් වන අතර මිලිලීටර් 900 කල්තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක මිල අඩු කර ඇත්තේ, රුපියල් 60 කින් වන අතර එහි නව මිල රුපියල් 380 ක් ලෙස සදහන් වේ.
මිල්කෝ සමාගම, මිලිලිටර් 450 දින තුනක දියර කිරි පැකට්ටුවක් රුපියල් 30 කින් පහළ දමා ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.


