සෞඛ්‍ය ඇමති වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000 ක් වාර්තා වන බව පවසයි……….……

WhatsApp Image 2025 04 12 at 17.47.25

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් හඳුනාගන්නා බව ප්‍රකාශ කර ඇත.

ඉන් බහුතරය මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන බවද දන්වා ඇත.

එමෙන්ම කාන්තාවන් අතර පියයුරු පිළිකාව ප්‍රධාන තැනක් ගන්නා බවද ඔහු සඳහන් කර ඇත.

තවද අමාත්‍යවරයා විසින් පිළිකා රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට 19,000 කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වන බව සෞඛ්‍ය දත්ත මගින් පෙන්වා දෙන බව ප්‍රකාශ කර ඇත.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, පිළිකා රෝගය මර්දනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට සාධනීය විශේෂ වැඩසටහන් සැලසුම් කරමින්, ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ඇති බව අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *