මැලේසියාවේ සේවය කළ 27 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙක් විදුලිසැර වැදී මිය ගොස් තිබෙන බව වාර්තා වේ.
ෂා අලාම් ප්‍රදේශයේ, ටමාන් අලාම් ඉන්ඩා හි ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථානයක ඇති වූ ගංවතුර තත්ත්වයක දී එලෙස විදුලිසැර වැදී එම තරුණයා මියගොස් ඇති බව සඳහන් වේ.
එමෙන්ම මියගිය තරුණයාගේ සිරුරේ තුවාල කිසිවක් නොමැති බවද වාර්තා වේ.
ඒ අනුව, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඔහුගේ දේහය රෝහලක් වෙත යොමු කර ඇති බව වැඩිදුර සදහන් කර ඇත.


