පිල්ලෙයාන් මහතා දින 90 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබේ……………

පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා දින 90 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත.

එමෙන්ම පසුගිය 08 වනදා අත්අඩංගුවට ගත් මොහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් මීට පෙර රදවාගෙන ප්‍රශ්න කර ඇත.

නැගෙනහිර විශ්වවිද්‍යලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පිල්ලෙයාන් මහතා මඩකලපුවේ පිහිටි කාර්යාලයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා කොළඹ 07 – විද්‍යා මන්දිරයේ පැවැති උත්සවයකට සහභාගි වී සිටියදී 2006 වසරේ දෙසැම්බර් 15 වැනිදා පැහැර ගෙන ඇති අතර ඒ වන විට ඔහු 55 හැවිරිදි වියේ පසුවූ බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *