ගම්පහ වෙඩි තැබීමක් සිදු වෙයි………..……

ගම්පහ නගරයේ පොදු බස් නැවතුම්පොළක් අසලදී වෙඩි තැබීමක් සිදු වී ඇත.

වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේදී කුඩා ලොරි රථය​ක ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු එම රථයෙන් බැස අසල තිබූ වෙළෙඳසැලකට දිව ගොස් ඇත.

එමෙන්ම වෙඩි තැබීමෙන් ඔවුන්ට තුවාල සිදු වී නොමැති බව පොලීසිය සඳහන් කර ඇත.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයකට මෙලෙ​ස වෙඩි තබා පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කර ඇත.

එමෙන්ම පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *