වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිදුවීම් 46ක් ………….……

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා, මේ වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී ඇති බව සඳහන් කර ඇත.

මෙම සිදුවීම් වලින් 31ක් සංවිධානාත්මක අපරාධ කල්ලිවල මෙහෙයවීමෙන් සිදුවී ඇති අතර, එම සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් 100කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.

ඒ සඳහා භාවිතා කළ ගිනි අවි 41ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එමගින් 27ක් පිස්තෝල වර්ගයේ හා 14ක් T-56 වර්ගයේ බවද සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *