ප්ලග් ටෙන්ඩර​ය අවලංගු කෙරේ …………………

WhatsApp Image 2025 07 16 at 12.44.37

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා කාර්මික විදුලි සැපයුම් ඒකක (Industrial Type Power Distribution Units) 700 ක් සැපයීම සහ බෙදාහැරීම සඳහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කළ බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 334 කට හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට විදුලි සැපයුම් ඒකක 700 ක් රු. මිලියන 50 කට අධික මුදලක් වැය කරමින් මිල දී ගැනීමට Browns Engineering & Constrcutions (Pvt) Ltd සමාගමට මෙම ප්‍රසම්පාදනය පිරිනමා තිබුණි.

කෙසේ නමුත් එය ප්‍රදානය කළ සමාගම වෙත පිරිනමා ඇති ප්‍රසම්පාදනය අවලංගු කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය තීරණය කර ඇති බවත් සිය “ලංසු සුරැකුම පසුව ලැබීමට සලස්වන” බව ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇති බවත් වාර්තා වේ.

මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් සමාජයේ කතිකාවක් මතු වූ අතර ඒකකයක මිල රු. 72,517ක් ලෙස විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා විදුලි සැපයුම් ඒකක 700 ක් රජය මිල දී ගැනීමට සූදානම් වන බවත් ඊට අදාළ ප්‍රසම්පාදනය ප්‍රදානය කිරීමට “මිල ගණන් අධික” ආයතනයක් තෝරාගෙන ඇති බවත් “වංචාවක්, දූෂණයක් සහ නාස්තියක්” සිදුවන්නේ දැයි විමර්ශනය කරන ලෙස අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද කටයුතු කර තිබුණි.

අදාළ අවලංගු කළ ලිපිය පහතින්.68770a5cc5bb7pdf page 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *