යල කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ග්‍රෑම් හය ලක්ෂයක් මේ වනවිට වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති බව එහි සභාපති මංජුල පින්නලන්ද පවසා ඇත.
ඉන් වැඩිම ප්‍රමාණය මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර, මීට අමතරව උතුරු පළාතෙන් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද වී තොග වී අලෙවි මණ්ඩලයට ලැබෙමින් පවතින බව ඔහු ප්‍රකාශ කර ඇත.
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත් මිලදී ගැනීමට පසුගියදා රජය තීරණය කර තිබුණි.
ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06 ක් වෙන් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.


