රජය වී සඳහා සහතික මිලක් නොව අවම මිලක් ප්‍රකාශයට පත්කර ඇති බවත් ගොවීන්ට අවශ්‍ය නම් ඊට වඩා වැඩි මිලකට සිය අස්වැන්න අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
දිස්ත්‍රික්ක රැසක යල කන්නයේ වී අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ වී ඇත.
මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය රුපියල් කෝටි 600 ක මුදලක් වෙන් කර ඇති අතර, 2024 – 2025 මාස් කන්නයේදී කළ මිල නියාමනයට අනුව මෙවරත් වී මිල දී ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125 ටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 ටත් මිල දී ගැනීමට සැලසුම් කර ඇත.
එහෙත්, රජය වී සඳහා යෝජනා කර ඇති සහතික මිල තමන්ට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් තම වී සඳහා නිසි මිලක් ලබාදෙන ලෙසත් වී ගොවීන් රජයෙන් ඉල්ලා සිටියි.


