ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ …………………

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට දිගින් දිගටම ඇද හැලෙන අධික වර්ෂාව නිසා අද (24) අලුයම සිට ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත්, ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වන බවත්, එම නිසා කොත්මලේ ජලාශයේ වේල්ලට පහළින්, කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන්ට සැළකිලිමත්ව සිටින ලෙසත් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *