පෙබරවාරි 09 වැනිදා දිවයින පුරා විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සාක්ෂි විභාගයක් පැවැත්වෙයි …………………

WhatsApp Image 2025 07 24 at 15.38.58

පසුගිය පෙබරවාරී 09 වැනිදා දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටීම සම්බන්ධයෙන් සාක්ෂි විභාගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, විදුලිබල මණ්ඩලය සිදුකළ විශේෂ පරීක්ෂණ වාර්තාව මත පදනම්ව එම සාක්ෂි කැඳවීම සිදු කරන බවද එම ක‍ොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කර ඇත.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අපේක්ෂා කරන අයට 0772-943193 යන දුරකථන අංකය අමතා වේලාවක් වෙන් කරගත හැකි බවද එතුමා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *