හර්ෂ ඉලුක්පිටියට දඬුවම් නියම කිරීම සැප්තැම්බර් 23 දක්වා කල් තබයි …………………

අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහි පැමිණිල්ලේ දඬුවම් නියම කිරීමේ තීන්දුව ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් තබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එම තීන්දුව අද (24) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණු අතර, සැප්තැම්බර් 23 වැනිදා දක්වා එම තීන්දුව කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති බවද සඳහන්වේ.

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට හර්ෂ ඉලුක්පිටියට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *