T20 ලෝක කුසලානයේ 2026 නිල කාලසටහන එළිදැක්වීම අද

1014.jpg

2026 ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ නිළ කාලසටහන එළිදැක්වීම අද(25) සිදු කිරීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 80ක් පමණි. මෙවර තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වේ.

කණ්ඩායම් 20ක් තරගාවලියට එක්වන අතර අවසන් මහා තරගය ද ඇතුළුව තරග 55ක් පැවැත්වීමට නියමිතයි. නිල තරග කාලසටහන එළිදැක්වීම අද මුම්බායිහීදී සිදු කිරීමට නියමිතයි.

මෙම නිල උත්සවය සඳහා ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන රෝහිත් ෂර්මා, සූර්ය කුමාර් යාදෙව්, හර්මන් ප්‍රීත් කෞර් එක් වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන්නේ ඇන්ජලෝ මැතිව්ස්.

මෙරට වේලාවෙන් අද පස්වරු 6.30ට නිල කාලසටහන එළිදැක්වීමේ උත්සවය ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය එළැඹෙන වසරේ පෙබරවාරි 7සිට මාර්තු 8වැනිදා දක්වා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *