මෝදර මහල් නිවාස සංකීර්ණයේ කපරාරු කොටසක් කඩා වැටී කුඩා දරුවෙකුට තුවාල

WhatsApp Image 2026 02 05 at 2.21.04 PM

මෝදර හෙළමුතු සෙවන මහල් නිවාස සංකීර්ණයේ හත් වැනි මහලේ සිමෙන්ති කපරාරුවේ කොටසක් කඩා වැටීමෙන් කුඩා දරුවෙකු තුවාල ලබා තිබෙනවා.

සිදුවීමෙන් බරපතල තුවාල ලැබූ දරුවා මේ වන විට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේයි.

ඊයේ (04) උදෑසන 8.30 ට පමණ මෝදර පිහිටි හෙළමුතු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ 7 වෙනි මහලේ නිවාස දෙකක් අතර පිටත බිත්තියේ කපරාරුවේ කොටසක් එලෙස කඩා වැටි තිබුණා.

පොලිසිය ප්‍රකාශ කළේ, තුවාල ලැබූ 7 හැවිරිදි දරුවා එම අවස්ථාවේ සිය මිත්තණිය සමග නිවාස සංකීර්ණය පාමුල වෙළෙඳ සැලක් අසල සිට ඇති බවයි.

කඩා වැටුණු කපරාරුවේ කොටසක් දරුවාගේ හිසට වැටී ඇතැයි සඳහන්.

හෙළමුතු සෙවන මහල් නිවාස සංකීර්ණය 2019 වසරේ ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතියට පත් කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, පසුගිය සමයේ ඉදිකෙරුණු මෙම නිවාස සංකීර්ණය ඇතුලු මහල් නිවාස සංකීර්ණ 24ක ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් පවතින බවයි.

හඳුනා ගත් එවැනි ස්ථාන ජනතාවට වාසයට සුදුසු හා ආරක්ෂිත මට්ටමට සකස් කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *