ඊශ්‍රායල-ඉරාන අර්බුදය හමුවේ ශ්‍රී ලංකා රජය තීරණාත්මක පියවර මාලාවක් ගෙන තිබේ. මැදපෙරදිග රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හදිසි ඇමතුම් අංක ක්‍රියාත්මක කර ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් සේවය මැදපෙරදිග ගමනාන්ත කිහිපයකට ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇත. ආරක්ෂක අංශ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව වාර්තා වේ .


