විදේශිකයන් දෙදෙනෙකුගේ සිරුරු මාතර විහාරස්ථානයක් අසලින් හමුවෙයි…

මෙරට සංචාරයක නිරතව සිටි විදේශීය ජාතිකයන් දෙදෙනෙකුගේ සිරුරු මාතර, තිහගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක බෝ මළුව ඉදිරිපිට ගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, මියගොස් ඇත්තේ 57 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකු සහ 52 හැවිරිදි ස්කොට්ලන්ත ජාතිකයෙකු බවයි.
ඔවුන් වැලිගම, ගුරුබැවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මූලික විමර්ශනවලදී මෙම සිද්ධිය සියදිවි නසාගැනීමක් විය හැකි බවට පොලිසිය සැක පළ කර ඇති අතර, එයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි සඳහන් වන්නේ.
මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන තිහගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *