අනුරාධපුරයේ පවතින අධික උෂ්ණත්වය නිසා ජලාශවල ජල මට්ටම පහත බැස ඇති අතර, ඉදිරියේදී පැමිණිය හැකි එල්නිනෝ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව්වල හා ජලාශවල ජලල මට්ටම යම්කිසි ප්‍රමාණයකින් පහත වැටී තිබුණද එය දැඩි බලපෑමක් නොවන බවත් යල මහා දෙකන්නයම වගා කිරීම හේතුවෙන් කුඩා වැව් සාමාන්‍ය පරිදි සිදියාමට ලක්ව ඇති බව
අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂක ජයන්ත ද සිල්වා මහතා පවසයි.

එල්නිනෝ තත්ත්වය හමුවේ ඉදිරි කාලයේදී පවතින අධික උෂ්ණත්වයත් සමඟ ප්‍රධාන වැව්වල ජල මට්ටම පහත වැටීම අපේක්‍ෂා කරන බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *