ඉන්දියාවේ තරුණ පිතිකරු වෛභව් සූර්යවංශී තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ආරම්භක ඉනිම ලකුණු 300ක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණොත්, එය ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කිරීමට කැමති බව ප්‍රකාශ කර තිබේ.ඉන්දියානු වෙබ් අඩවියක් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් පිටියට පිවිසෙන අවස්ථාව ලැබුණොත් තම ආරම්භක ඉනිමම ත්‍රිත්ව ශතකයකින් සනිටුහන් කිරීමට කැමති බවයි.
ශ්‍රී ලංකාවේ තණතීරු විශේෂයෙන්ම ගාල්ල වැනි ක්‍රීඩාංගණවලදී දිගු වේලාවක් කඩුල්ලේ රැඳී සිටින පිතිකරුවන්ට විශාල ලකුණු රැස් කිරීමට හැකියාව තිබෙන අතර, එය ඔහුගේ තේරීමේ ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ.මෙම ප්‍රකාශය ක්‍රිකට් ලෝලීන් අතර දැඩි කතාබහට ලක්ව ඇති අතර, ඔහුගේ සිහිනය සැබෑ වන දවසක් ඉදිරියේදී පැමිණේද යන්න දැඩි අවධානයට ලක්ව තිබේ.


