වැව් තාවුල්ල ගොඩකර, රාජ්‍ය දේපළ අවභාවිතා කර ගොඩනැගූ හෝටලය සම්බන්ධයෙන් වත්මන් රජයත් නිහඬ ඇයි

අනුරාධපුර නගරයේ ජීවනාලිය ලෙස සැලකෙන ඓතිහාසික නුවර වැව සහ එහි වැව් තාවුල්ල, වසර 2500කට වඩා පැවති සම්ප්‍රදාය හා පුරාවිද්‍යාත්මක උරුමයක් ලෙස රටේම අභිමානයයි. නමුත් මේ වන විට එම උරුමය නීති විරෝධීව ගොඩකරමින් ඉදිකර ඇති “Yaazoraa Anuradhapura” හෝටල් සම්බන්ධයෙන් දැඩි මහජන විරෝධයක් මතුව ඇත.මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් එල්ල වන බරපතල චෝදනාව වන්නේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආශීර්වාදය යටතේ, ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බලකායේ සෙබළුන් සහ රාජ්‍ය යන්ත්‍රෝපකරණ යොදාගනිමින් මෙම හෝටල් ඉදිකිරීම සිදුකිරීමයි.
මෙය රාජ්‍ය දේපළ අවභාවිත පනත යටතේ සෘජු වරදක් වන අතර, CID මගින් වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතුය.ඥානක්කා නමැති සාස්තරකාරියගේ උපදෙස් මත පාලකයන් විසින් හමුදා නායකයන් පවා ඇය ඉදිරියේ දණගස්වන තත්ත්වයට පත්කර තිබුණි. මෙය හමුදාවේ ගෞරවය හා විනය මිත්‍යාමත හමුවේ පල්ලම් බැසීමේ උදාහරණයක් ලෙස සලකනු යුතුය.නුවර වැව සහ එහි වැව් තාවුල්ල පුරාවිද්‍යාත්මක හා පාරිසරික වශයෙන් අතිශය සංවේදී කලාපයකි. මෙවැනි රක්ෂිත භූමියක් ගොඩකර හෝටල් ඉදිකිරීමට අවසර දුන් පුරාවිද්‍යා කොමසාරිස්වරයා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු සියලුම බලධාරීන් CID මගින් වහාම කැඳවා ප්‍රකාශ සටහන් ගත යුතුය.සාමාන්‍ය ජනතාවට වැව් රක්ෂිතයක පැලයක්වත් ඉඳීමට ඉඩ නොදෙන නීතිය, බලවතුන්ට හෝ සාස්තරකාරියන්ට වැව් තාවුලු ගොඩකර හෝටල් සෑදීමට ඉඩ දුන්නේ කෙසේදැයි රජය රටට පැහැදිලි කළ යුතුය. මෙම අක්‍රමවත් ඉදිකිරීම් වහාම ඉවත් කර, නුවර වැව යථා තත්ත්වයට පත් කිරීමටත්, වගකිවයුතු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් වත්මන් රජය වහාම පියවර ගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *