2025/2026 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ ක්ෂුද්‍ර පරිමාණ ආයතන කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගැනීමට ත්‍රිකුණාමලය නාවික රෝහල සමත්ව ඇත.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) 2026 නොවැම්බර් 08 වැනිදා පැවැති සම්මාන ප්රදානෝත්සවයේදී මෙම ඇගයීම පිරිනමන ලදී. ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ ජේ.එම්. කපිල ජයසේකර මහතා අතින් ත්‍රිකුණාමලය නාවික රෝහල වෙනුවෙන් වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ, වෛද්‍ය කපිතාන් දුමින්ද සමරවික්‍රම මහතා විසින් අදාළ සම්මානය ලබාගන්නා ලදී.
රෝහල් පරිපාලනයේ නායකත්වය, උපායමාර්ගික සැලසුම්කරණය, මානව සම්පත් හා ක්‍රියාවලි කළමනාකරණය, සේවාලාභී ප්‍රතිචාර සහ නවෝත්පාදන ව්‍යාපෘති ආදී නිර්ණායක රැසක් ඇගයීමට ලක් කරමින් රෝහලේ සේවාවන්හි පැවැති ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව පදනම් කරගෙන මෙම ජාතික ඇගයීම හිමිව තිබේ.
මෙම ජයග්‍රහණය ත්‍රිකුණාමලය නාවික රෝහල විසින් පවත්වාගෙන යනු ලබන උසස් සේවා කාර්යසාධනය සහ ඵලදායිතාව පිළිඹිඹු කරන සුවිශේෂී කඩඉමකි.


