නුවරඑළිය, ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට සුදානම් වූ සී ප්ලේන් යානයක් කඩා වැටී තිබෙනවා.
අද (07) දින දහවල් 12.30ට පමණ මෙම අනතුර සිදුවී තිබුණා.
ගුවන් යානය කඩා වැටීමෙන් එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ, ගුවන් යානයේ නුවරඑළියට පැමිණ සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ දී මෙලෙසෙ අනතුරට ලක්ව ඇති බවයි.


