බලංගොඩ නගර සභාවේ සභාපති ඉල්ලා අස්වෙලා

Balangoda

බලංගොඩ නගර සභාවේ සභාපති ඉල්ලා අස්වෙලා

ජාතික ජනබලවේගයට බලය හිමි බලංගොඩ නගර සභාවේ සභාපති කේ.ජී. ප්‍රේමදාස මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අද (06) පැවති මාසික සභා රැස්වීමේදීයි.
සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන බලන්ගොඩ නගර සභාවේ මාසික රැස්වීම ආරම්භ වූ අතර සභාපතිවරයා සාමාන්‍ය පරිදි සභාව පවත්වාගෙන යනු ලැබුවා.
එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් සභාව පවත්වාගෙන ගිය අතර පස්වරුවේදී සභාපතිවරයාගේ කතාව න්‍යාය පත්‍රයේ අවසන් අවස්ථාව වුණා.
එහිදී සිය කතවා පවත්වමින් සභාපතිවරයා අදහස් දක්වමින් පැවසුවේ තමා සභාපති ධුරයෙන් පෞද්ගලික හේතු මත ඉල්ලා අස්වන බවයි.
කෙසේ නමුත් සභාවේ මන්ත්‍රීවරුන් සභාපතිවරයාට ඉල්ලා අස්නොවන ලෙස දැන්වූ නමුත් සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දන්වා ඔහුගේ නිල කාමරයට ගොස් සිය බෑගය රැගෙන සභාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *