MIBS වෙතින් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට නව පරිහගණක විද්‍යාගාරයක්

anura 1

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද පරිගණක විද්‍යාගාරය විවෘත කිරීමේ වැඩසටහන (06) පෙරවරුවේ පාසල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
IMBS Green Campus ආයතනයේ සහයෝගය මත ස්ථාපිත කර ඇති මෙම පරිගණක විද්‍යාගාරය සඳහා රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් වැය කර තිබේ. නවීන පරිගණක උපකරණ සහ අවශ්‍ය පහසුකම්වලින් සමන්විත මෙම විද්‍යාගාරය මඟින් පාසල් සිසුන්ට නවීන තාක්ෂණික දැනුම ලබාගැනීමටත් පරිගණක අධ්‍යාපනය වඩාත් ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීමටත් අවස්ථාව ලැබෙනු ඇතැයි පාසල් පරිපාලනය සඳහන් කරයි.
මෙම පරිගණක විද්‍යාගාරය ස්ථාපිත කිරීම මඟින් විශේෂයෙන් තොරතුරු තාක්ෂණ විෂය හදාරන සිසු සිසුවියන්ට ප්‍රායෝගික පුහුණුව ලබාගැනීමට පහසුකම් වැඩිදියුණු වන අතර, අනාගතයේ තාක්ෂණික ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය මූලික දැනුම සහ හැකියාවන් වර්ධනය කර ගැනීමට ද මෙය වැදගත් ව්‍යාපෘතියක් වනු ඇතැයිද සඳහන් වේ.
මෙම අවස්ථාවට IMBS Green Campus ආයතනයේ නියෝජිතයන්, පාසල් පරිපාලන නිලධාරීන්, ගුරු මණ්ඩලය සහ සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගී වූහ.
උත්සව අවස්ථාව අලංකාරවත් සංස්කෘතික අංගවලින් ද යුක්ත විය. එහිදී සිසුන් විසින් ඉදිරිපත් කළ පූජා නර්තනයක් සහ කතක් නර්තනයක් පැමිණ සිටි සැමට විශේෂ රසවින්දනයක් ලබාදුන්හ.
මෙම වැඩසටහන මඟින් පාසල් සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමත්, නවීන අධ්‍යාපනික අවස්ථා හඳුනා ගැනීමට අවස්ථාව සැලසීමත් අපේක්ෂිත බව සංවිධායකයන් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *